clean sri lanka වැඩසටහන සමගාමීව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය, ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මෙහෙයවීමෙන් දීපව්‍යාප්තව ක්‍රියාත්මක කරන "දැය නංවන සපිරි ගමක්" ප්‍රජා ඵලදායිතා ආදර්ශ ගම්මාන වැඩසටහන යටතේ වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමාරම්භක උත්සවය උඩගංගොඩ වසමේ සුවඳනෙලුම්ගම ගම්මානයේ දි 2026.03.16 දින උත්සවාකාරයෙන් පවත්වන ලදී.
මෙම අවස්ථාවට වැලිගෙපොල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි මොරහැල උත්තරානන්ද හිමි , ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති , ප්‍රජා සහ වැවිලි කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රදීප් සුන්දරලිංගම් මැතිතුමා ඇතුළු දේශපාලන නියෝජිතයන් වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර සැලසුම් අධ්යක්ෂ ඩබ්.එන්.එම් සම්පත් මහතා, රාජ්‍ය නිලධාරින් ඇතුළු ගම්වාසී සහභාගී විය.
එම වැඩසටහන සමගාමීව ශ්‍රමදාන වැඩසහන , සුවඳනෙලුම්ගම ගම්මානයේ දරු දැරියන්ගේ ,තරුණ ,වැඩිහිටි සියලුදෙනාගේ දක්ෂතා සහිත සෞන්දර්ය වැඩසටහනක් හා සළුපාලිය ශාන්තිකර්ම ද එදින පවත්වන ලදී.




















