ආයතන අංශය
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පැමිනෙන්නේ කෙසේද?
- බලංගොඩ වැලිගෙපොල මාර්ගයේ කි.මි 16 ක් ගමන් කිරීමෙන් මෙම කාර්යාලයට ලගා විය හැකිය.
සමාජ සේවා අංශය
ගර්භනී මව්වරුන් සඳහා ලබා දෙන රු 20000/- පෝෂණ දීමනාව ලබා ගන්නේ කෙසේද?
- ගැබ් ගෙන මාස 3ක් ඉක්මවීමට පෙර ඔබ සහභාගී වූ මාතෘ සායනය අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුල් ළමාවිය සංවර්ධන නිලධාරී හෝ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන නිලධාරියාගෙන් අයදුම්පතක් ලබා ගත හැකිය.
අධ්‍යාපන ආධාර ලබා ගත හැක්කේ කෙසේද?
- දරුවන්ගේ පියා මියගොස් ඇති හෝ සුව කළ නොහැකි ආබාධයකින් පෙළේ නම් පාසැල් යන දරුවන්ට ශිෂ්‍යාධාර ලබා ගත හැකිය
ස්වේචා සංවිධානයක් ලියාපදිංචිය සිදුකරන්නේ කෙසේද?
- ආරම්භ කර වසරක් ඉක්ම වූ රාජ්‍ය නොවන සංවිධාන ලියකියවිලි ලබා දීමෙන් පසුව ලියාපදිංචි කරනු ලබයි.
Is අස්වැසුම සඳහා අයදුම්කරන්නේ කෙසේද?
- අයදුම්පත් කැදවන කාලසීමාවේදී මාර්ගගත ක්‍රමයට හෝ කාර්යාලයට අයදුම්පත්‍රයක් ලබා දීම මගින්
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශය
උප්පැන්න විවාහ මරණ සහතිකයක් ලබා ගත හැක්කේ කෙසේද ?
- කාර්යාලයට පැමිණ මුදල් ගෙවීමෙන් පසු අදාළ සහතික ලබා ගත හැකිය
උපතක් ලියාපදිංචි කරන්නේ කෙසේද?
- සාමාන්‍ය උපතක් ලියාපදිංචි කිරීම සඳහා උපත සිදු වී මාස තුනකට කලින් අදාළ කොට්ධාශයේ උප්පැන්න ලියාපදිංචි කිරිමේ රෙජිස්ට්‍රාර්වරයකු මුණ ගැසී උපත ලියාපදිංචි කර ගත යුතුය.
- මාස තුනක් පසුවූ උප්පැන්න ලියාපදිංචි කිරීම සඳහා අතිරේක දිස්තික් රෙජිස්ට්‍රාර් මුණ ගැසී අදාළ තොරතුරු ලබා ගන්න.
විශ්‍රාම වැටුප් අංශය
සිවිල් විශ්‍රාමිකයා මියගිය පසු වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප සාදාගන්නේ කෙසේද ?
- පළමුව විශ්‍රාමිකයාගේ මරණ සහතිකය ලබා ගෙන විශ්‍රාම වැටුප නතර කිරීම.
- වැඩිපුර මුදලක් තිබේ නම් එය ගෙන්වා ගැනීමට බැංකුවට ලිපි දැමීම.
- පසුව අදාල පුද්ගලයා පහත සඳහන් ලිපි ලේඛන රැගෙන එන ලෙස දැනුම් දීම..
- විශ්‍රාමිකයාගේ මරණ සහතිකයේ මුල් පිටපත
- වැන්දඹුවගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත
- විවාහ සහතිකයේ මුල් පිටපත
- වැන්දඹුවගේ බැංකු පොතේ ඡායා පිටපතක්
- වැන්දඹුවගේ හැදුනුම්පතේ ඡායා පිටපතක්
- වැන්දඹු අනත්දරු කාඩ්පතේ ඡායා පිටපතක් හෝ වැන්දඹු අනත්දරු අංකය
- ග්‍රාම නිලධාරි විසින් සහතික කරන ලද පාස්පෝට් ප්‍රමාණයේ වර්ණ ජායාරූපයක්
- ඉහත ලියවිලිවල ඡායාපිටපත් සියල්ල ග්‍රාම නිලධාරී විසින් සහතික කල යුතුය.
- අනතුරුව ඔවුන් අදාල තොරතුරු ලබා දුන් පසු ලිපිගොනුව රැගෙන වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප සෑදීමට අවශ්‍ය කටයුතු කිරීම.
විශ්‍රාමිකයෙකුගේ විශ්‍රාම වැටුප නතරකර ඇත්තේ ඇයි?
- අදාල වර්ෂය සඳහා ජීවිත සහතිකය ලබා නොදීම නිසා විශ්‍රාම වැටුප නතර කිරීම.
- විශ්‍රාමිකයා පැමිණි පසු ජීවිත සහතිකය ලබා දීම හා ග්‍රාම නිලධාරී මහතා ලවා සහතික කර රැගෙන එන ලෙස පැවසීම.
- පසුව නැවත ජීවිත සහතිකය භාර දුන් පසු විශ්‍රාම වැටුප යාවත්කාලීන කිරීම.
වැන්දඹුව මියගිය පසු විශ්‍රාම වැටුප් ගෙවන්නැත්තේ ඇයි?
- වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් පනතට අනුව වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් මුදලට හිමිකම් ලැබූ පුද්ගලයෙක් මිය ගිය පසු එකී පුද්ගලයාට හිමි විය යුතු වැටුපක් හෝ හිඟ මුදලක් ඇත්නම් එම මුදල් ඔවුන්ගේ උරුමකරුවන් වෙත ගෙවීම සඳහා නෛතික ප්‍රතිපාදන නොමැති බව පහදා දීම.















