විශ්රාම වැටුප් අංශය
සිවිල් හා හමුදා විශ්රාම වැටුප් කාර්යයන්
- විශ්රාම වැටුප් ලිපිගොනුව ලද පසු විශ්රාමික ප්රකාශ පත්රය හා ග්රාම නිලධාරී වාර්තා ලබාගැනීම.
- විශ්රාම ගොස් වසර දහය සම්පූර්ණ වූ පසු දස අවුරුදු වැටුප් සංශෝධනය කිරීම හා වෙනත් විශ්රාම වැටුප් සංශෝධන සිදු කිරීම.
- විශ්රාමිකයා මියගිය පසු මාසික විශ්රාම වැටුප් උරුම කරුවන් වෙත ගෙවීම් කිරීම.
- විශ්රාම වැටුප් විෂමතා ඉවත් කිරීම.
වැන්දඹු/වැන්දඹු පුරුෂ විශ්රාම වැටුප් කාර්යයන්
- විශ්රාමිකයා මිය ගිය පසු වැන්දඹුව / වැන්දඹු පුරුෂයා වෙත වැන්දඹු/වැන්දඹු පුරුෂ විශ්රාම වැටුප් සැකසීම.
- මව පියා දෙදෙනාම නොමැති අවස්ථාක දී අවුරුදු 26 ට අඩු රැකියා විරහිත දරුවන් වෙත අනත් දරු විශ්රාම වැටුප් සැකසීම.
- ආබාධිත විශ්රාම වැටුප් ගෙවීමට අදාල මූලික පරීක්ෂණ සිදු කිරීම.
- වයස අවුරුදු 18 සම්පූර්ණ වූ අනත් දරුවන්ගේ බැංකු පොත් නිදහස් කිරීම.















