ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම
- නිවරදිව සම්පූර්ණ කල අයදුම්පත්‍රය
- ඉදිරිපත් කල යුතු ලියවිලි
- උප්පැන්න සහතිකය සහ පිටපතක් උප්පැන්න නොමැතිනම් උපන්දිනය සනාත කල හැකි ලියවිල්ලක් සමග දිවුරුම් ප්‍රකාශයක්
- අනුමත ජායාරූප ශාලාවකින් ලබා ගත් ජායාරූප 3ක්
- වර්ණ ඡායාරූප6 (13/8 ” * 7/8 ”)
- රු 15 ක සහ රු 35 ක මුද්දර ඇලවූ ලියුම් කවර දෙකක්
- තනතුර ඇතුලත් කරන්නේ නම් වලංගු සේවා සහතිකයක්
- විවාහයෙන් පසු ස්වාමියාගේ නම ඇතිලත් කරන්නේ නම් විවාහ සහතිකය
- භික්ෂූන් වහනසේ නමක් නම් බෞද්ධ කටයුතු දෙපාර්තමෙන්තුව මගින් නිකුත් කල සාමණේර/උපසම්පදා සහතික
- වෙනත් ආගමික නම් අදාල ප්‍රධාන පූජක හෝ පැවිදි නිකාය මගින් ගත් සහතිකයක්
- නව හැදුනුම්පතක් අවු 17 වැඩි අවස්ථාවක ඉල්ලුම් කිරීමේදී රු 250 ක දඩ මුදලක් ගෙවා අදාල රිසිට් පත සමග හැදුනුම්පත ලබා නොගත් බවට ප්‍රකාශයක්
- නැති වූ හැඳුනුම්පතක් පිළිබඳව නම් පොලීසියේ කරන ලද පැමිණිල්ලේ පිටපතක්
- සශෝධන හැඳුනුම්පතක් නම් දැනට භාවිතා කරන හැඳුනුම්පත
උප්පැන්න සහතිකයක නමක් ඇතුළත් කිරීම/වෙනස් කිරීම
- අවු 7 ට වැඩි අය සඳහා
- ක්‍රිස්තියානි සහතිකය-ශිෂ්‍ය කාර්ය දර්ශකය
- පුවත් පත් දැන්වීම - බැංකු පොත
- ජාතික/තැපැල් හැදුනුම් පත - විවහ සහතිකය
- රජයේ හෝ වෙනත් ආයතනයකින් ලබා ගන්නා ලද විස්තර වාර්තාව
- ඡන්ද නාම ලේඛනයේ සහතික කල පිටපතක්
- ඉහත ලියවලි වලින් අවම වශයෙන් තුනක් වත් ඉදිරිපත් කල යුතුය
- ඊට අමතරව
- අදාල ප්‍රකාශ පත්‍රය
- සංශෝධනය කළ යුතු උප්පැන්න සහතිකයේ මුල් පිටපතක්
- සංශෝධනය සුදුසු බවට ග්‍රාම නිලධාරීගේ නිර්දේශයක්
- දිවිරුම් ප්‍රකාශයක්.
- සැ.යු
- නම වෙනස් කිරීමට අදහස් කරන්නේ වයස අවුරුදු 21ට අඩු කෙනෙකුගෙ නම් එම ප්‍රකාශය ඉදිරිපත් කළ යුත්තේ එම අයගේ මව/පියා/භාරකරු විසින්ය.
- අළුත් නම අවම වශයෙන් වර්ෂයක් වත් භාවිතා කර තිබීම අන්වාර්ය වේ.
- අවු 7ට අඩු දරුවකුගේ
- සංශෝධනය කළ යුතු උප්පැන්න සහතිකයේ මුල් පිටපත
- දෙමව්පියන්ගේ විවහ සහතිකය/උප්පැන්න සහතිකය
- මව/ පියාගේ ජාතික හැදුනුම්පත
- අදාල සංශෝධනයට මව හා පියාගේ විරෝධතාවයක් නොමැති බවට දිව්රුම් ප්‍රකාශය.
- ග්‍රා නි නිර්දේශය.
- මෙම ප්‍රකාශ පත්‍රය භාරදිය යුත්තේ දරුවාගේ මව/පියා/භාරකරු විසින්ය.
- ප්‍රකාශ පත්‍ර ශාර දීමට සදුදා හෝ බදාදා දිනයන්හී පමණක් පැමිණිමට කාරුණික වන්න.
උප්පැන්න සහතිකයක මවගේ තීරයේ සිදුවී ඇති වැරැද්දක් නිවැරදි කිරීම
- අදාල ප්‍රකාශ පත්‍රය
- නිවැරදි කළ යුතු උප්පැන්න සහතිකයේ මුල් පිටපත
- මවගේ සහ පියාගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත
- මවගේ ජාතික හැදුනුම්පතේ පිටපත
- දෙමව්පියන්ගේ විවහ සහතිකයේ මුල් පිටපත
- දිවුරුම් ප්‍රකාශය
- ග්‍රා නි නිර්දේශය
උප්පැන්න සහතිකයක පියාගේ තීරය,මුත්තාගේ තීරය හා උප්පැන්න සහතිකයකට විවහක බව ඇතුළත් කිරීමට / නිවැරදි කිරීමට
- අදාල ප්‍රකාශ පත්‍රය
- නිවැරදි කළයුතු උප්පැන්න සහතිකයේ මුල් පිටපත
- පියාගේ හා මවගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත
- දෙමපියන්ගේ විවහ සහතිකයේ මුල් පිටපත
- මවගේ / පියාගේ ජාතික හැදුනුම්පත් පිටපත්
- දිවුරුම් ප්‍රකාශය
- ග්‍රා නි නිර්දේශය
කල්ගත වූ උපත් ලියාපදිංචි කිරීමට අවශ්‍ය ලියවිලි
- උපත් විස්තරය(මුල් පිටපත)
- රෝහල් උපත් වාර්තාව
- අත් එන්නත් කාඩ් පතේ ඡායා පිටපත(මුල් පිටපත සමග)
- දෙමව්පියන් විවාහකනම් විවාහ සහතිකයේ මුල්පිටපත
- දෙමව්පියන්ගේ උප්පැන්න සහතිකවල මුල් පිටපත්
- මව හා පියාගේ ජාතික හැදුනුම්පත් ඡායා පිටපත්
- උපත සිදු වී අවු 1ට අඩු නම් රු50 ක මුද්දර
- අවු 1ට වැඩි නම් රු100ක මුද්දර
- අදාල ප්‍රකාශ පත්‍ර සහ අනුමත ආකෘති පත්‍ර
- ඉහත ලියවිලි රුගෙන මව පියා දරුවා සමඟ දිස්ත්‍රික් රෙජිස්ටාර් අංශයට පැමිණිමට කාරුණිකවන්න.
කල්ගත වූ මරණ ලියාපදිංචි කිරීමට අවශ්‍ය ලියවිලි
- අදාල ප්‍රකාශ පත්‍රය
- රෝහලක මිය ගායේ නම් රෝහලේ මරණ ප්‍රකාශයේ මුල් පිටපත.
- ග්‍රාම නිලධාරී සහතිකය
- අසල්වැසියාගේ වාචික සාක්ෂි
- ආසන්නතම ඥාතියාගේ වාචාක සාක්ෂි
- ශෝක ප්‍රකාශ/මරණ දැන්වීම් වැනි දෑ
- මිනිපෙට්ටිය ගත් රිසිට් පත
- ආගමික වතාවත් කල විහාරාධිපති හිමිගේ/දේවගැතිතුමාගේ ලිපිය
- මරණය සිදු වී අවු1ට අඩු නම් රු 50 මුද්දර / අවු 1ට වැඩි නම් රු 100 මුද්දර
- ප්‍රකාශකගේ උප්පැන්න සහතිකය / විවාහ සහතික හා ජාතික හැදුනුම්පත් පිටපත
- ඉහත ලියවිලි රැගෙන සදුදා හෝ බදාදා දිනෙක දිසිත්‍රික් රෙජිස්ටාර් අංශයට පැමිණිමට කාරුණික වන්න















